ITN සභාපති ධූරය නිරෝෂන්ට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 3, 2022

ITN සභාපති ධූරය නිරෝෂන්ට

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ව පත්කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔහු ඊයේ (03) සිය පත්වීම් ලිපිය ලබාගත් අතර, එම පත්වීම ඊයේ (03) සිට ක්‍රියාත්මක වනු ඇත.

ජනමාධ්‍ය ඇමති - ඩලස් අලහප්පෙරුම මහතාද නව සභාපතිවරයා හමුවී සිය සුභපැතුම් එක්කර තිබේ.

කලක් ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස සේවය කළ ප්‍රේමරත්න මහතා, මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු ද වේ.

අවසන් වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ඉදිරිපත් වුවත් එයින් පරාජයට පත්විය.

මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.




No comments:

Post a Comment

Post Bottom Ad