TikTok වීඩියෝවක් නිසා තරුණයෙකු මහ මග මරා දමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 3, 2022

TikTok වීඩියෝවක් නිසා තරුණයෙකු මහ මග මරා දමයි..

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් අතරතුර ඇති වූ ගැටුමකින් ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී 17 හැවිරිදි බාලවයස්කරුවක්ට පිහියෙන් ඇන මරා දමා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ අබ්දුල් ලතීෆ් නැමැත්තෙක් මෙසේ ඝාතනය වී ඇත.

මරාදමා ඇති බාලවයස්කරු තවත් මිතුරන් දෙදෙනකු සමග රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් පසුපස පැමිණි හඳුනන පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබේ.

එම අවස්ථාවේ අබ්දුල් ලතීෆ්ට උදර ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad