අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 4, 2022

අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO)

විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ඇමතිවරයෙක්,රාජ්‍ය ඇමතිවරයෙක් ගැන පමණක් නොව අගමැතිවරයා ගැන වුවද තීරණයක් ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, ඊයේ(04) පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයා කොන්ද කෙළින් තබාගෙන සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගත් තීරණය ගැන තමන් සතුටු වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහුව පමණක් නොව කුමන තරාතිරමක වුවද ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු කියන මතයේ සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර විශේෂයෙන් හෙට දින ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු රට පිළිබඳවත්,රටේ ආර්ථිකය ඇතුළු කාරණා පිළිබඳවත් හෙට දින මාධ්‍ය හමුවක් පවත්වන බවයි කුට්ටිආරච්චි මහතා පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad