තීන්දු ගන්න බැරි නම් අගමැතිකම පොඩි එකෙකුට දෙන්න... වැඩේ කරලා තනතුරු ආපහු දෙන්නම් – උද්දික ප්‍රේමරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 22, 2022

තීන්දු ගන්න බැරි නම් අගමැතිකම පොඩි එකෙකුට දෙන්න... වැඩේ කරලා තනතුරු ආපහු දෙන්නම් – උද්දික ප්‍රේමරත්න

ජ්‍යෙෂ්ඨයින්ට තීන්දු තීරණ ගන්න බැරි නම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.

ඔහු ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවසීය.

“පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද?ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි.

මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ.හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන.මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?

ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න. අපි ගන්නම්. ජ්‍යෙෂ්ඨ තනතුරු. අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම්.අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්. මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූපවලින් එළියට එන්නැයි අප ජ්‍යේෂ්ඨයින්ගෙන් ඉල්ලනවා.


No comments:

Post a Comment

Post Bottom Ad