බැරියර්වලට ඇණ ගහලා කොල්ලන්ට තුවාල කරන්න පොලිසිය කරපු කුප්ප වැඩේ ගැන නීතීඥ සංගමය වහා ප්‍රතිචාර දක්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 24, 2022

බැරියර්වලට ඇණ ගහලා කොල්ලන්ට තුවාල කරන්න පොලිසිය කරපු කුප්ප වැඩේ ගැන නීතීඥ සංගමය වහා ප්‍රතිචාර දක්වයි!

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත ජනතාව බරපතල ලෙස තුවාල සිදුවිය හැකි තතත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බවය. එසේම ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම පිණිස ඔවුන් ක්‍රියා කළ යුතුව ඇතැයි ද නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

සෑම අවස්ථාවකදීම වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ පොලිස් නිලධාරීන්ට යුධ හමුදා සාමාජිකයන්ට ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත .

කුමන පාර්ශවයකින් හෝ සිදුවන කුමන ආකාරයක ප්‍රචණ්ඩත්වකින් රටට අහිතකර සහ බරපතළ ප්‍රතිඵල නිර්මාණය කරනු ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad