පාසල් දරුවන් අතර කොරෝනා ඉහලට - පාසැල් යලි වසා දැමීමක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

පාසල් දරුවන් අතර කොරෝනා ඉහලට - පාසැල් යලි වසා දැමීමක්?

පාසල් දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගියහොත් යළි පාසල් වසා දැමීමක් සිදු විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කරයි.

වයිරස් ව්‍යාප්තිය පාලනය වූ පසු පාසල් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ඉතා හොඳ දෙයක් වූ නමුත් මේ වන විට නැවතත් දරුවන් අතර වෛරස ව්‍යාප්තිය වැඩි වීමක් දක්නට ලැබෙන බවද කියා සිටියේය.

රට තුළ සමස්ත රෝගීන් දෛනිකව අඛණ්ඩව 700 ඉක්මවා වාර්තා වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

එනිසා පවතින තත්ත්වය පාලනය කරගෙන දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථාව ආරක්ෂා කරගත යුතු බවද ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad