ගෝඨාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි... ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ - උදයංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 3, 2022

ගෝඨාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි... ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ - උදයංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයේ කිසිම තැනකට ගෙන නො ආ යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. 
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන බුද්ධියක් නැති පුද්ගලයෙක් නමුත් යම් තනතුරුවලදී දක්ෂ පරිපාලන නිලධාරියෙකු බවද පවසයි.

නමුත් ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පිවිසුනහොත් එය අනුවනකමක් යයිද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad