‘ආණ්ඩුව දුවන්නේ මාස හයයි… මේක මගේ නියත විවරණයක්’ – වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 3, 2022

‘ආණ්ඩුව දුවන්නේ මාස හයයි… මේක මගේ නියත විවරණයක්’ – වාසු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මෙම ආණ්ඩුව පවත්වාගෙන යා හැක්කේ උපරිම මාස හයක කාලයක් පමණක් බව ප‍්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. 
තමන් විසින් එම නියත විවරණය ලබා දෙන බවද හෙතෙම පැවසීය.

බොරැල්ලේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පැමිණීම අනුවණ කමක් බවත් හිටපු ජනාධිපතිවරයාට සැනසීමෙන් ඉන්න ඉඩ ලබාදීමට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad