ගෝඨාභය අගමැති කරනවාද? එජාප නියෝජ්‍ය නායකගෙන් ප‍්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 4, 2022

ගෝඨාභය අගමැති කරනවාද? එජාප නියෝජ්‍ය නායකගෙන් ප‍්‍රකාශයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. 
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර සාකච්චාවක් සිදු කර නැති බවත් ඔහු තවදුරටත් දේශපාලනයේ සිටිනවාද නැද්ද යන්න තීරණය කර නැති බවත් විජේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ 76 සංවත්සරය වෙනුවෙන් කොළඹ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ඒ මහතා මේ බව මාධ්‍ය වෙත පැවසීය.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශය අනුව ගෝටාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් ලබා දී ඇති බවත් මෙරට සිටීමට ආරක්ෂාව සපයා ඇති බවත් ඔහු සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad