ආණ්ඩුව සුළුතරය කරමින් තවත් පිරිස් විපක්‍ෂයට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

ආණ්ඩුව සුළුතරය කරමින් තවත් පිරිස් විපක්‍ෂයට!

දැනට ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇති බව වාරතා වෙයි.
 
මෙම පිරිස ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සමග එක්ව දේශපාලනය කරනු ඇති බවද දැනගන්නට ඇත. 
පසුගියදා ඔවුන් දොළොස් දෙනෙකු පාර්ලමේන්තුවේ ස්වාධීන වූ අවස්ථාවේ තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙකු ඒ සඳහා එක්වීමට නියමිතව තිබුණද ඔවුන් දෙවැනි අදියරේ දී විපක්ෂයේ අසුන් ගනු ඇති අතර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

විපක්ෂයේ සිටින සෙසු කණ්ඩායම් සමග එක්ව සන්ධානයක් බිහි කිරීම හෝ ඒ ආසන්න දිනකදී මෙම පිරිස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කර ඇත.

ඒ සමඟ දැනට ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 116 සංඛ්‍යාව සුළුතරයක් දක්වා අඩුවනු ඇතත් විපක්‍ෂයේ සිටින කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානමකින් පසුවන බවත් දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad