BREAKING NEWS: රටින් පළා ගොස් සිටි ගෝඨාභය මහ රෑ යළිත් දිවයිනට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

BREAKING NEWS: රටින් පළා ගොස් සිටි ගෝඨාභය මහ රෑ යළිත් දිවයිනට එයි!

ජනතා විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) රාත්‍රි යළි දිවයිනට පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ රාත්‍රි 11.30 පමණ මෙරටට පැමිණි ඔහු පිළිගැනීම සඳහා රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් කිහිප දෙනකු පැමිණ සිටි බව වාර්තා වන අතර මාධ්‍යයට එය වාර්තා කිරීමට අවස්ථාවක් නොලබුණි.

තායිලන්තයේ සිට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සඳහා දැඩි ආරක්ෂාවක් මැද  කැඳවාගෙන ගිය අතර කටුනායක සිට කොළඹ දක්වා දැඩි ආරක්ෂාවක් ඒ වනවිට යොදවා තිබණි. හිටපු ජනාධිපතිවරයාට කොළඹ බෞද්ධාලෝක මාවතේ අමාත්‍යවරුන් සඳහා ලබා දෙන නිල නිවාසයක් මේ වනවිට වෙන් කර ඇති අතර එහි දැඩි ආරක්ෂාවක් විසීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජූලි 09 වැනදා ජනාධිති මන්දිරය විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මාලදිවයිනට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පසු ජූලි මස 13 වැනිදා සිංගප්පූරුවට පැමිණ පසුව තායිලන්තයට ගියේ සිංගප්පූරුවේ රැඳී සිටීමට වීසා දීර්ඝ නොකිරීම නිසාය.


No comments:

Post a Comment

Post Bottom Ad