ඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා.... අපි කැමැත්තෙන් දුන්නේ.... කොහා කියලා දැනගෙන දුන්නේ - කොහාගේ බිත්තරේ ගැන ප්‍රසන්නගෙන් විග්‍රහයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

ඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා.... අපි කැමැත්තෙන් දුන්නේ.... කොහා කියලා දැනගෙන දුන්නේ - කොහාගේ බිත්තරේ ගැන ප්‍රසන්නගෙන් විග්‍රහයක් (VIDEO)

ජනපති රනිල්ට අපේ කූඩුවේ බිත්තර දාන්න දුන්නේ කොහා බව දැනගෙනම යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (02) අයවැය විවාදයේදී පැවසුවා. 
එබැවින් කොහොගේ බිත්තර පොහොට්ටුව රකින බවත් බිත්තර කන්න එන නයි පොළො‍න්ඟුන්ට කොටන බවද ඔහු සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පසුගිය දිනවල විවාදයට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කලේ මේ අර්බුදයෙන් ගොඩ එන මාර්ගය නොවේ. ජනාධිපතිතුමාව හුදකලා කරලා පොහොට්ටුවට හා රාජපක්ෂවරුන්ට ගහලා ඔවුන්ගේ දේශපාලන අර්බුදයෙන් ගොඩ යන ක්‍රමයක්. අද ඒ අයට ජනාධිපතිතුමා හොඳ වෙලා ජනාධිපතිතුමාව පත් කරපු පොහොට්ටුවේ අපි දුෂ්ඨයෝ වෙලා. එයාලාට මතක නැහැ එතුමන්ලා වර්තමාන ජනාධිපතිතුමාව හැර ගිය හැටි. ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කලා. අද මේ විපක්ෂය එතුමාව කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. මතක තියාගන්න එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා. ඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. ජනාධිපතිතුමායි අපියි එකට වැඩ කරනවා. ඒක තමා System Change එක. එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එලෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා අර්බුදය තේරුම් අරගෙන හරීන් හා මනුෂ ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට අපි කොටනවා. බිත්තර කන්න දෙන්නේ නැහැයි කියලා.


No comments:

Post a Comment

Post Bottom Ad