ඇමරිකා යන්න ගිය රන්ජන් ගුවන් තොටුපලෙන් හරවා එවලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 28, 2022

ඇමරිකා යන්න ගිය රන්ජන් ගුවන් තොටුපලෙන් හරවා එවලා

ඇමරිකා යන්න ගිය රන්ජන් ගුවන් තොටුපලෙන් හරවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා විදේශගත වීමට යාමේදී කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇත.

ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බව කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේය.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ දින පස්වරුවේය.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා පවසන්නේ පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිදුවීමකට අදාලව ඇති නඩුවකදී තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවත් එම නඩුව මේ වන විට අවසන්ව එම විදෙස් ගමන් තහනමද ඉවත් කර ඇති බවයි.

ඒ පිළිබඳව ගුවන් තොටුපල දැනුවත් වී නැති බව ද පවසන රාමනායක මහතා
එම ගැටලුව අද දිනය තුල නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

ඇමෙරිකාවේ ප්‍රසංගයකට සහභාගී වීම සඳහා තමන් විදෙස්ගත වීමට ගිය බවත් ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad