ප‍්‍රභූවරයෙකු හෙලිකොප්ටරයෙන් ජාතික රෝහලට... විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කැදවයි... රෝහල වටා දැඩි ආරක්‍ෂාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 28, 2022

ප‍්‍රභූවරයෙකු හෙලිකොප්ටරයෙන් ජාතික රෝහලට... විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කැදවයි... රෝහල වටා දැඩි ආරක්‍ෂාවක්!

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද පෙරවරුවේ ඇතුළු කරන ලද ප්‍රභූවරයෙකු විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිතැයි වාර්තා වෙයි. 
හෙලිකොප්ටරයකින් ගෙන එන ලද මෙම ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කර ඇත්තේ රෝගියකු ඇතුලත් කිරීමේදී සිදු කරන නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව ලේඛනයක හෝ සටහනක් නොතබා යයිද පැවසෙයි.

රෝගියා වෙනුවෙන් ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් රෝහල්වලින් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ගෙන්වා ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

රෝහල පරිශ්රයේ ආරක්ෂක සෙබළුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක්ද සපයා ඇත.

මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු නාවුක හමුදාපතිවරයෙකු බවටද තොරතුරු වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad