ගෝඨා-බැසිල් පොහොට්ටුවෙන් දොට්ට! දැන් මහින්ද විතරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 26, 2022

ගෝඨා-බැසිල් පොහොට්ටුවෙන් දොට්ට! දැන් මහින්ද විතරයි!

මීට දින කිහිපයකට ඉහතදී අප විශේෂ පුවතක් වාර්තා කරමින් පොහොට්ටු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමු පවත්වන ස්ථානයේ පසුතලයෙහි රාජපක්ෂවරුන් තිදෙනාගේම මුහුණ ඉවත් කොට පොහොට්ටු ලාංජනය පමණක් යෙදීමට පියවර ගෙන ඇති බව සදහන් කළෙමු. 
ඒ, එතෙක් පැවති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන තිදෙනාගේම මුහුණු ඉවත් කිරීමෙන් පසුව බව අපි සදහන් කළෙමු.

නමුත් මේ වන විට කර ඇති යාවත්කාලීනය අනුව එම මුහුණු වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුව පමණක් කරකෙමින් මාරුවන දර්ශනය කර තිබේ.

ඒ අනුව එම මූලස්ථාන පසුතලයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad