A 9ක් ගත් දරුවකුට නරුමයෙක් පියා ඉදිරිපිටම භූමිතෙල් ගසා ගිනි තියලා! මිනිහා ගමම හොල්ලගෙන ඉන්න චණ්ඩියෙක්ලු! ‌ඒ නිසා කව්රුත් නම කියන්න බයලු! පොලිසියට කිව්වාම ඔක්කොම තොරතුරු මිනිහට එනවලු! මීට කලින් මිනිහෙක්ව කුරුසියට තියලා ඇන ගහපු සිද්ධියකටත් සම්බන්ධයිලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 28, 2022

A 9ක් ගත් දරුවකුට නරුමයෙක් පියා ඉදිරිපිටම භූමිතෙල් ගසා ගිනි තියලා! මිනිහා ගමම හොල්ලගෙන ඉන්න චණ්ඩියෙක්ලු! ‌ඒ නිසා කව්රුත් නම කියන්න බයලු! පොලිසියට කිව්වාම ඔක්කොම තොරතුරු මිනිහට එනවලු! මීට කලින් මිනිහෙක්ව කුරුසියට තියලා ඇන ගහපු සිද්ධියකටත් සම්බන්ධයිලු!

අම්පිටිය ප්‍රදේශය බියගන්වමින් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු විසින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවකුට ගිනිතබා ඇති අතර මේ වන විට සිසුවා බරපතල පිලිස්සුම් තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

මෙම මැරයා විසින් සිසුවා ඇදගෙන ගොස් සිරුරට භූමිතලේ වත්කර ගිනි දමා තිබේ. අපරාධයට ගොදුරු වී ඇත්තේ අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකි. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මහනුවර අම්පිටිය පල්ලේගම පදිංචි සිසුවා සා/පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා පෙරේදා (26) රාත්‍රියේ පියා සමඟ ආපසු එමින් සිටිය දී අම්පිටිය මීකණුව ප්‍රදේශයේ රැක සිට දරුවාට භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ තාත්තා ඉදිරියේ දීය.

එහෙත් ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලීසියට පවසා තිබේ.

සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර අද (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර තිබිණි.

මෙම අපරාධය සම්බන්ධව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී සිසුවාගේ පවුලේ කිසිවෙක් අපරාධය සම්බන්ධව වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිද්ධියක් විය.

එහෙත් ප්‍රදේශවාසීන් සමග කළ සාකච්ඡාවල දී හෙළි වූයේ මෙම අපරාධය සිදුකළ මැරයා ප්‍රදේශයේ කවුරුත් හොඳින් දන්නා බවත්, මෙම අපරාධය හෙළිදරව් වුවහොත් මුළු පවුලම විනාශ කරන බවට තර්ජන එල්ල වී ඇති බවත්ය.

අම්පිටිය ප්‍රදේශය භීතියට පත්කරමින් ක්‍රියාත්මක මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව ද ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ජනතාව භීතියට පත්කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදුකරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට තමන්ට තොරතුරු ලබාදුන් පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙලිකරන නිසා කිසිවකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට නොයන බවද කීහ.

මේ පිළිබඳ කළ විමසීමකදී උක්ත අපරාධය කළ අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇතැයි කී මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද පැවසුවේය.

මෙම සිද්ධියට අදාළ සැකකරු මීට පෙර අවස්ථාවක අම්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයකු කුරුසයක තබා ඇණ ගැසූ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.

පොලිස් අධිකාරීවරයා කීවේ මේ වනවිට සැකකාර අපරාධකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති නමුත් හැකි සියලු ශක්තිය යොදා වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා බවය.

lankasara.

No comments:

Post a Comment

Post Bottom Ad