පොලිස් ලොක්කන් රැසක් ජවිපෙ සහයට එයි! අනුර කුමාරටත් දන්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 16, 2022

පොලිස් ලොක්කන් රැසක් ජවිපෙ සහයට එයි! අනුර කුමාරටත් දන්වයි!

විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ජාතික මට්ටමෙන් සහාය දැක්වීමට එකඟතාව පළ කර ඇතැයි එම පක්ෂය ආරංචි මාර්ග පවසනවා. 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ආසන සමුළු පැවැත්වීමේ වැඩපිළිවෙළ රටපුරාම පවත්වා අවසන් කිරීමට ද තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ත්‍රස්තවාදී පනත යටතේ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් රඳවා තබා ගැනීම පිළිබඳව ද ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම කරනු ලබන බව ද මධ්‍යම කාරක සභාවේ දී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad