ආණ්ඩුව ගේන්න හදපු පුනරුත්ථාපන පනත ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතළ තීන්දුවක්! සටන්කාමීන්ට-අරගලකරුවන්ට බෑ! ඕන නම් කුඩුකාරයන්ට ගේන්න පුලුවන්! තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 20, 2022

ආණ්ඩුව ගේන්න හදපු පුනරුත්ථාපන පනත ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතළ තීන්දුවක්! සටන්කාමීන්ට-අරගලකරුවන්ට බෑ! ඕන නම් කුඩුකාරයන්ට ගේන්න පුලුවන්! තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! (VIDEO)

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. 
එමෙන්ම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව එය සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙහිදී සටන්කරුවන් අරගලකරුවන් ඉලක්ක කර මෙය කළ නොහැකි බවත්, අවශ්‍ය නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මුල් කරගෙන මෙය ගෙන ආ හැකි බවත් එමගින් දැනුම් දී ඇති බව කතානායකවරයා කියා සිටියේය.




No comments:

Post a Comment

Post Bottom Ad