"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ...අපිව බය කරලා කට වහන්න නම් හිතන්න එපා" - නාලකගෙන් ජනපතිට සැර කතාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 29, 2022

"යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ...අපිව බය කරලා කට වහන්න නම් හිතන්න එපා" - නාලකගෙන් ජනපතිට සැර කතාවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ළඟකදී පටන් රටේ ජනතාව බය කරන බව ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එක් වූ පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කණ්ඩායමේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. 
තමන් ජනාධිපතිවරයාට කියන්නේ යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් තැනීමට තමන් ඉදිරිපත් නොවන බවයි ඔහු කියන්නේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වූවා,

“ජනාධිපතිතුමා ළඟක ඉදන් ජනතාව බය කරන්න හදනවා. විවිධ තර්ජන කරනවා. අපි ජනාධිපතිතුමාට කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා. එදා මහ බලයක් තිබුණ යහපාලන ආණ්ඩුව කාලෙත් මහ බැඳුම්කර මංකොල්ලයට, හම්බන්තොට වරාය විකුණනවට අපි විරුද්ධව කතා කළා. ඒ වගේම අපි අදත් බය නැතුව ජනතාව වෙනුවෙන් කතා කරනවා. තව අවුරුදු 3ක් තනතුරු වරප්‍රසාද දරාගෙන බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දී තමයි අපි ඒ ඔක්කොම අතඇරලා ඇවිත් ජනතාවගේ පැත්තේ හිටගත්තේ. ඒ නිසා බය කරලා කට වහන්න නම් හිතන්න එපා.” යැයි ඔහු සඳහන් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad