ටෙන්ඩරයක් අනුමත කරන්න අතිරේක ලේකම්වරයෙක් ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 29, 2022

ටෙන්ඩරයක් අනුමත කරන්න අතිරේක ලේකම්වරයෙක් ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් විසින් ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට අමාත්‍ය දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. 
එම ටෙන්ඩරය අනුමැතිය දීමට නම් තම විශ්‍රාම වයස දීර්ඝ කර දෙන්නැයි අතිරේක ලේකම්යරටා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කලේය.

එමෙන්ම වැඩි මිල ඉදිරිපත් ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනයට එම ටෙන්ඩරය ලබා දීම අත්‍යවශ්‍ය බවද එම අතිරේක ලේකම්වරයා අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad