බෙල්ලෙන් අල්ලා පොලිස් කාන්තාව තල්ලු කළේ පොලිස් පරීක්ෂක චමින්ද පින්තු! ‌පොලිසියට වෙච්ච ලැජ්ජාව පොලිස්පති ගාවටම යයි | POLICE - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 12, 2022

බෙල්ලෙන් අල්ලා පොලිස් කාන්තාව තල්ලු කළේ පොලිස් පරීක්ෂක චමින්ද පින්තු! ‌පොලිසියට වෙච්ච ලැජ්ජාව පොලිස්පති ගාවටම යයි | POLICE

බෙල්ලෙන් අල්ලා පොලිස් කාන්තාව තල්ලු කළේ පොලිස් පරීක්ෂක චමින්ද පින්තු! ‌
පොලිසියට වෙච්ච ලැජ්ජාව පොලිස්පති ගාවටම යයි

උද්ඝෝෂණයක් අතරතුරදී ‌කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමට කටයුතු කොට ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂණ චමින්ද පින්තු බව සදහන් වේ.

මේ පිළිබදව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දීමක්ද සිදු කොට ඇත.මේ අතර උද්ඝෝෂණයක් අතරතුරදී උසස් පොලිස් නිලධාරියකු ‌කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සිය දැඩි විරෝධය පළ කොට තිබේ.

හෙතෙම එහිදී දිනක් තුළ පොලිසිය අවස්ථා 3කදී නීතිය ඉක්මවා කටයුතු කොට ඇති බව සදහන් කොට තිබේ.

එක් සිදුවීමක් වන්නේ මෙම උසස් පොලිස් නිලධාරියාගේ හැසිරීමය.

දෙවැන්න වන්නේ විරෝධතා පුවරු අතැතිව ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමය.

තුන්වැන්න වන්නේ හැදුනුම්පත නොමැතිව ගමන්ගත් අයකු අත්අඩංගුවට ගැනීමය.

මෙය ලැජ්ජා සහගත බව සාලිය පීරිස් මහතා සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad