ජනපති රනිල්ගේ පළමු අය-වැය අද | Sri Lanka Budget 2023 - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 13, 2022

ජනපති රනිල්ගේ පළමු අය-වැය අද | Sri Lanka Budget 2023

ජනපති රනිල්ගේ පළමු අය-වැය අද

ලබන වසර (2023) සඳහා වන රජයේ අය-වැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (නොවැ. 14) පස්වරු 1.30ට ඉදිරිපත් කරනු ලැබේ.

මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු අය-වැය යි.

වර්තමාන රජයේ අය-වැය ලේඛන දෙකක් වන අතර එසේ ඉදිරිපත් කළ පළමු අය-වැය වූයේ මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැය යි.

ජනාධිපතිවරයා මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද දින ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය ලේඛනය ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ මූලික පහසුකම් සපයා දීම ඉලක්ක කරමින් සකස් කෙරුණු එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් සහන අපේක්ෂාවෙන් සිටින අතර එම ජනතාව ගැන මෙවර අය-වැය ලේඛනයෙන් විශේෂ අවධානය යොමු කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ලබන වසරේදී රට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහා අනුගමනය කෙරෙන මූලික උපක්‍රම සහිතව සකස් කෙරුණු මේ අය-වැය යෝජනාවලිය මගින් 2024 වර්ෂයේදී ආර්ථික අර්බුදයෙන් සහ උද්ධමනයෙන් මිදුණු සමෘද්ධිමත් දේශයක් ඇති කිරීම අරමුණු කරගෙන ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

අය-වැය ලේඛනය ඉදිරිපත් කෙරෙන අද දිනයේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

ඒ අනුව, මීට පෙර පරිදි ආරක්ෂක විධිවිධාන සලසන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.

විශේෂයෙන් ම නොවැම්බර් 21දා සඳුදා මුදල් අමාත්‍යවරයා විසින් 2023 අය-වැය කතාව ඉදිරිපත් කිරීමට අදාළව ආරක්ෂක විධිවිධාන අනුව නොවැම්බර් 11දා ආරක්ෂක වැඩපිළිවෙළට අනුව මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම්, අල්මාරි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ම එදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

නොවැම්බර් 13දා සඳුදා ආරක්ෂක වැඩපිළිවෙළ අනුව මහජන ගැලරිය ලාංකිකයන් සඳහා පමණක් විවෘත කරන අතර පාර්ලිමේන්තු රථ ගාල වසා තබන බැවින් මන්ත්‍රීවරුන්ගේ වාහන අදාළ රථගාල වෙත යොමු කරනු ලැබේ.

අය-වැය ලේඛනය පිළිබඳ දෙවන වර කියැවීමේ විවාදය හෙට (නොවැ. 15) සිට ආරම්භ කරන අතර දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 වන දා පස්වරු 5.00ට ය.

විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වන දා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වන දා පස්වරු 5.00ට පැවැත්වීමට ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී එකඟතාව පළ විය. ඒ අනුව අද (නොවැ. 14) සිට දෙසැම්බර් 8 වන දා දක්වා ‍කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

අය-වැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ‍කාරක සභාවේදී තීරණය වූ අතර දෙසැම්බර් 9 වන දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කර ප්‍රශ්න 50ක් ඇසීම සඳහා වෙන් කොට තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය.

අය-වැය විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad