එජාපයට අලුත් මුහුණු! තනතුරුවලට දහසකට අධික අයදුම්පත්! සම්මුඛ පරික්ෂණ ඇරඹෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 1, 2022

එජාපයට අලුත් මුහුණු! තනතුරුවලට දහසකට අධික අයදුම්පත්! සම්මුඛ පරික්ෂණ ඇරඹෙයි!

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (01) ආරම්භ කෙරුණා. 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. 
ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එජාප නායකයන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක හා දයා ගමගේ මහත්වරුන් ඇතුළු එජාප නායකයයෝ රැසක් මෙම සම්මුඛ පරික්ෂණ මණ්ඩලය නියෝජනය කළා.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් තෝරා ගන්නා සංවිධායකවරුන් ජනවාරි 01 දා සිට වසරක කාලයක් සඳහා පත් කිරීමට නියමිතයි.

මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ඉල්ලුම් කිරීමට කැමැති තවත් පිරිස් සිටී නම් තවදුරටත් ඉල්ලීම් කළ හැකි බවද එජාප මහලේකම්වරයා සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad