වනිදු හසරංගට ICC දැඩි අවවාද... අප‍්‍රසාද ලකුණු එක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 1, 2022

වනිදු හසරංගට ICC දැඩි අවවාද... අප‍්‍රසාද ලකුණු එක් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යැවු ක‍්‍රීඩක වනිදු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවවාද කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සමග පැවති අවසන් එක්දින තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්දතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

විනිසුරුවකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම යන වගන්තිය යටතේ වනිදු හසරංගට චෝදනා එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට අප්‍රසාද ලකුණක් සහ තරඟ ගාස්තුවෙන් සියයට 50 ක උපරිම දඩයක් ද නියම කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයන් විසින් ඒ පිළිබඳව කළ විමසීමකදී වරද පිළිගත් බැවින් වැඩිදුර විභාගයක් සිදු කිරීම නවතා තිබේ.

තරගයේදී වනිදු හසරංග යවන ලද තුන් වැනි පන්දුවාරයේදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවකු කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීම් තීන්දුව ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහු විසින් මෙම අප්‍රසාදය පළ කිරීම සිදු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad