දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන චමුදිතගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 18, 2022

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන චමුදිතගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කරයි

ජනශක්ති ව්‍යාපාරයේ සභාපති කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාලව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ඊයේ දිනයේ රහස් පොලිසියට පැය දෙකහමාරක පමණ කාලයක් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 
අදාල ඝාතනය සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතා මෙහෙයවූ සාකච්චාවකදී හෙලි කරන ලද කරුණු ගැන මෙම ප‍්‍රකාශය ලබා ගෙන තිබේ.

සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි.

ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන බ‍්‍රයන් තෝමන් යනු තිළිණි ප‍්‍රියමාලිටත් වඩා විශාල මූල්‍ය වංචාකරයෙකු බවයි.

බ්‍රයන් තෝමස් ඉහලට ගෙන ආවේ මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක් බවද හෙතෙම කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad