සබරේ කුණු ටෙන්ඩරය ලබාගෙන සුරතලී ඇල්ලට දැමුවේ ජවිපේ සංවිධායකයෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 20, 2022

සබරේ කුණු ටෙන්ඩරය ලබාගෙන සුරතලී ඇල්ලට දැමුවේ ජවිපේ සංවිධායකයෙක්

සබරේ කුණු ටෙන්ඩරය ලබාගෙන සුරතලී ඇල්ලට දැමුවේ ජවිපේ සංවිධායකයෙක්

සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කරන ලද කුණු කසල තොගයක් ටෙන්ඩර් කැඳවා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා මෙලෙසින් සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයක් වන සුරතලී ඇල්ල තුළට දමා ගොස් ඇත.

 ප්‍රදේශයේ ජනතාව විසින් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර ද, ඔවුන් ක්‍රියාත්මක වීමේ දී ප්‍රමාද වී ඇති අතර, ජනතා ව පවසන ආකාරයට අදාළ පුද්ගලයා විවිධ ආකාරයෙන් අදාළ බලධාරීන් සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වයි. 

නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයට හේතුව එය විය හැකි බව ඔවුන් සැක පළ කරයි. තවද, අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරී සංවිධායක වරයකු ද බව මේ වන විට අණාවරණය වී ඇත. රටේ සුන්දර, සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති මෙවැනි ස්ථාන මහ දවල් මේ ආකාරයෙන් විනාශ කිරීමට දී බලධාරීන් කල් මැරීම සැබවින් ම විමතියට කරුණකි.

No comments:

Post a Comment

Post Bottom Ad