නව දේශපාලන බලවේගයක්! අරගලයේ අරමුණට චම්පික අත ගසයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 20, 2022

නව දේශපාලන බලවේගයක්! අරගලයේ අරමුණට චම්පික අත ගසයි!

රටට අවශ්‍ය වන්නේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සන්ධානගත වීම ඒ ඒ දේශපාලන පක්ෂවල අයිතියක් වන නමුත්, ඇති වූ අරගලය සහ රට මුහුණ පා තිබෙන බංකොලොත්භාවයෙන් පෙන්නුම් කරන්නේ නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය බවයි. 
රණවක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“ඇත්තටම මේ රටට දැන් ඕනේ විකල්පයක්. සන්ධානගත වීම හොඳයි. ඒ ඒ පක්ෂවල තියෙන අයිතියක්. නමුත් මේ පසුගිය අරගලයෙන් සහ මේ රට අද මුහුණපාලා තියෙන මේ බංකොලොත්භාවයෙන් පෙන්නලා තියෙන්නේ නම්, මේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කරන්න නව දේශපාලන බලවේගයක්, නව දේශපාලන සන්ධානයක්, විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ඕනයි කියන එක. හැබැයි ලංකාවේ බොහෝ විට මේ පළාත් පාලන මැතිවරණ කියන ඒවා එහෙම ජාතික දේශපාලනික අදහස් වලට ගොනු වෙන ඒවා නෙමෙයි. ඒවා බොහෝ දුරට ඒ ඒ ප්‍රාදේශීය අවශ්‍යතා හා දේශපාලන පක්ෂ මත ක්‍රියාත්මක වෙන දේවල්. පොදුවේ ගත්තම ශ්‍රී ලංකා දේශපාලනයට අද අවශ්‍යවෙලා තියෙන්නේ පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදායයක්. ඒ දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමයි අපි නම් කැප වෙන්නේ.“

“අපි තාම එහෙම සන්ධානයකට සම්බන්ධ වෙලා නෑ. අපිට එහෙම ආරාධනාවක් ලැබිලත් නෑ. ඉතින් ඉදිරි කාලේ බලමු  එන තත්ත්වයත් එක්ක. තාම ඡන්දයක් ප්‍රකාශයට පත් වෙලා නෑනේ.” යැයි චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad