MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 21, 2022

MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට!

රටට ඉතා අහිතකර ලෙස බලපාන සෝෆා සහ එම් සී සී ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. 
යහපාලන රජයේ සමයේද මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරුවද මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු එය ව්‍යාර්ථ වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ගිවිසුම හරහා ඇමරිකාවේ බහු ජාතික සමාගම් වලට මෙරට දොර විවෘත වන බවද පැවසූ ඔහු රටේ බරපතළ ආර්ථික අර්බුදයක් උද්ගත කරමින් ජනතාවට ඇමරිකානු උවමනාව වන ගිවිසුම් වලට එළඹීමට බල කෙරෙන තත්ත්වයක් ඇති කරවීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවද කියා සිටියේය.

ඇමරිකාව ඉන්දියානු සාගරයේ යුද කදවුර සඳහා භාවිතා කළ මොරිසස් දිවයින තුළ ඇති එම කදවුර ඉවත් කර ගැනීමට ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර ඇති නිසා ඇමරිකාව තම කදවුර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අර අදිමින් සිටින බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad