අපේක්‍ෂකයකුට අස්වෙන්නැයි පියා නිරුවත් කර කණුවක බදිති - ජවිපෙ වැඩක් යයි චෝදනා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 27, 2023

අපේක්‍ෂකයකුට අස්වෙන්නැයි පියා නිරුවත් කර කණුවක බදිති - ජවිපෙ වැඩක් යයි චෝදනා (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ඔහුගේ පියා නිරුවත් කර කණුවක බැඳ පැහැර දී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙසේ නිරුවත්කොට කණුවක බැඳ තර්ජනය කර ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයෙකුගේ පියෙකුටයි.

රාත්‍රියේ තම නිවස ඇතුළට නිවසට පැමිණි පුද්ගලයන් පස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විදුලිය විසන්ධි කර තමනට පහර දී නිරුවත් කොට නිවස පිටිපස ඇති ජල ටැංකියේ කණුවක බැඳ දමන ලද බව ද පැමිණිලිකරු සදහන් කර ඇත.

පසුව අසල්වැසියන් විසින් මෙම පුද්ගලයා මුදාගෙන රෝහල් ගත කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ අපේක්ෂකයා සඳහන් කරන්නේ තම පියාට හතුරන් නැති බවත් මෙම පහර දීම සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බවට තමන් විශ්වාස කරන බවත්ය.

කැබිතිගොල්ලෑව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad