මාලිමාව තහනම් කරයි..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 28, 2023

මාලිමාව තහනම් කරයි..?

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයෙ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට ජීවිත අවදානමක් ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
විවිධ පාර්ශ්වයන් විසින් මේ බව දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවත් හඳුන්නෙත්ති මහතා පවසයි.
1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා මෙන් මෙවරද ජාතික ජන බලවේගයද ඇතැම් විට තහනම් කිරීමට උත්සාහ කරනු ඇති බවට සැකයක් පවතින බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad