පුරප්පාඩු වෙන්න යන කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට ගන්න දේවාල ගානෙ යන දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ උත්තමයා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 19, 2023

පුරප්පාඩු වෙන්න යන කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට ගන්න දේවාල ගානෙ යන දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ උත්තමයා

පුරප්පාඩු වෙන්න යන කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට ගන්න දේවාල ගානෙ යන දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ උත්තමයා

ළඟදී පුරප්පාඩු වෙන්න යනවය කියල ආරංචි කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට පැනගන්න එතන ඉන්න දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ කස්ටිය ලොකු සටනක් පටන් අරන්ලු. ඒ හුඟදෙනෙක් මේ දවස්වල ඉන්නෙ පන්සල් කෝවිල් පල්ලිවලය කියලයි ආරංචි. සමහරු කැලණියෙ. සමහරු රජරට. තවත් සමහරු රුහුණු කතරගම දේවාලෙ. එහෙම ලොකු ලොකු පූජා කරනවලු මේ අනුහස් සහිත පුටුව ලබාගන්න...

ඔන්න එහෙම පසුගියදාක වාහන පෝලිමක් පිරිවරාගෙන එක්තරා කාකි සූට් ලොක්කෙක් කතරගම ගියා... ගිහිල්ල එතනට එන රටේ ලොකු මහත්තය ඇතුළු ප්‍රභූන් කවුරුවත් වාහන නවත්වන්නෙ නැති මහ වාහල්කඩ ළඟටම මෙයා සම්ප්‍රාප්ත වෙලා... නැවත පූජාව ඉවර කරල තමන් පැමිණෙන තෙක් වාහන ටික හොලන්න එපා කියල නියෝග කරල දේවාලෙට ගියා...

ඔන්න ඔය වාහන පෝලිම වාහල්කඩ අසල රඳවල තියෙද්දි දේවාලෙ මහ නිලමෙ ඔතනින් යන්න ආව... ඇවිත් මේක දැකල හොඳටම කේන්ති ගියා... කේන්ති ගිහිල්ල එයා කෙළින්ම ගියේ අර පොලිස් ලොක්ක හමුවෙන්න. ගිහිල්ල තවත් එහෙම මේ වගේ වැඩ කරන්න එපා කියල සැරටම දෙහි කැපුවලු...

මේ වාහන පෙරහැර ගෙනාපු කාකිසූට් මහත්තය ඊට පස්සෙ සද්ද නොකර එතැනින් යන්න ගියාලු.

No comments:

Post a Comment

Post Bottom Ad