IMF ආධාර නැත්නම් තව සති දෙකක් රට දුවන්න බෑ… බන්දුල ගුණවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 19, 2023

IMF ආධාර නැත්නම් තව සති දෙකක් රට දුවන්න බෑ… බන්දුල ගුණවර්ධන

ලබන  20 වනවිට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ   අදාළ ණය ආධාර නොලැබුනොත් තව සති දෙකක්වත් රට ගෙනයන්න  බැරි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය  අමාත්‍ය බන්දුල ගුනවර්ධන  පැවසීය.
අමාත්‍යවරයා අද (19) මේ බව පැවසූවේ ශ්‍රී ලංගම රියදුරන් වෙනුවෙන් තාක්ෂණ ප්‍රායෝගික  පුහුණු ලබාදීම සඳහා  කළුතර ගුවන් හමුදා කඳවුරේ පැවති වැඩසටහනක් අතරතුර අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“ අපි ලෝකයේ හමුවේ ණය ගෙවන්න බැරි රටක් හැටියට නඩු පවරන තැනට පත්වෙලා. ඒකට එක ජනාධිපතිවරයෙක්, එක අගමැති වරයෙක්, එක දේශපාලකයෙක් වගකියන්න බෑ. නිදහසෙන් පස්සේ වගේම විශේෂයෙන් 77 න් පස්සේ අපි ලෝකෙන් ණය ගත්තා. ඒවා ගෙවන්න බැරි උනාම සල්ලි අච්චු ගැහුවා. මේක දිගින් දිගටම කළා. ඒ නිසා මේකට එක්කෙනෙක් වගකියන්න බෑ.”

“ඒ නිසා අපි ලෝකෙන් ඉල්ලුවේ මේ අගාධයෙන්ගොඩ එන්න උදව් කරන්න කියලා.”

-සුමිත් පොතුපිටිය

No comments:

Post a Comment

Post Bottom Ad