අභ්‍යවකාශයට ‘ලයිකා’ බැලලිය මුලින්ම යැවුවේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා - සුනිල් හඳුන්නෙත්ති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 27, 2023

අභ්‍යවකාශයට ‘ලයිකා’ බැලලිය මුලින්ම යැවුවේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා - සුනිල් හඳුන්නෙත්ති

අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැලලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

අභ්‍යවකාශයට යවන පලවන කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරා ගත්තේ ඒ නිසා බවද ඔහු පවසයි.
පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව ඇති බව ජීව විද්‍යාත්මකව ද තහවුරු වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

කාන්තාවන්ට ඇති මෙම සුවිශේෂී දරාගැනීමේ හැකියාව රටක් සංවර්ධනය සඳහා යොදාගත යුතු මිස අසමාන සැලකිල්ලට ලක්විය යුතු නැති බවද හෙතෙම කියා සිටියි.

කාන්තාවන්ට නිසි තැන ලබා දුන් පසු එම සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින් නැවැත්විය නොහැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සම්මන්ත්‍රණයක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad