ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ පැමිණීමට එරෙහිව යාපනයේ විරෝධතාවයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 19, 2023

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ පැමිණීමට එරෙහිව යාපනයේ විරෝධතාවයක්!

 
යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ සංවිධානය කළ ආගමික වැඩ සටහනක් සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 128 ක් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා  එම ස්ථානයට පැමිණීමට එරෙහිව විරෝධය පලකිරීමක් නිසා ඊයේ (18) දා එම ප්‍රදේශයේ  දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබුණි.

මෙම විරෝධතාවය සදහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා  යාපනයේ  ස්වේච්ඡා  සංවිධානවල කීප දෙනෙකු සහභාගී වී සිටියහ.

විරෝධතාකරුවන් කියා සිටියේ ජාතිවාදය හා දේශපාලනය කරපින්නාගෙන කටයුතු කරන  දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියෙකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සදහා නොපැමිණිය යුතු බවයි.

පොලිසිය හා හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව  යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු කෙරුණි.

-දිනසේන රතුගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad