විරෝධතාවලට මෙල්ල කරන්න පොලිසිය බඩු රැස් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 16, 2023

විරෝධතාවලට මෙල්ල කරන්න පොලිසිය බඩු රැස් කරයි

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

ගෑස් මුහුණු ආවරණ, කැරලි පලිහ, ආරක්ෂක හිස් වැසුම්, රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad