දරුවන් දෙන්නාට බෙහෙත් අරන් දෙන්න සල්ලි නැතිව අම්මා දරු දෙන්නත් අරන් ළිඳට පැනලා! එක දරුවෙක් මරුට! අම්මටයි අනෙක් දරුවාටයි බරපතළයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 5, 2023

දරුවන් දෙන්නාට බෙහෙත් අරන් දෙන්න සල්ලි නැතිව අම්මා දරු දෙන්නත් අරන් ළිඳට පැනලා! එක දරුවෙක් මරුට! අම්මටයි අනෙක් දරුවාටයි බරපතළයි!

කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05)  නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි.

මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ නව හැවිරිදි දරුවකුය.

සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.

පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කැර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද(05) අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10 ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad