16 හැවිරිදි සිසුවිය හෝටලයෙන් බිමට පනින්න කලින් අන්තිම කෝල් එක අරන් තියෙන්නේ ටියුෂන් සර් කෙනෙකුට! පොලිසිය ටියුෂන් සර් හොයාගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 10, 2023

16 හැවිරිදි සිසුවිය හෝටලයෙන් බිමට පනින්න කලින් අන්තිම කෝල් එක අරන් තියෙන්නේ ටියුෂන් සර් කෙනෙකුට! පොලිසිය ටියුෂන් සර් හොයාගනී!

කළුතර පස් මහල් ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ ජංගම දුරකතන දත්ත ලබාගෙන ඇයට ඇමතුම් දුන් පුද්ගලයන් සහ ඇය ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එදින ඇය හෝටලයේ ගත කළ කාලසීමාව තුළ ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයකුගෙන් කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් ඊයේ (10) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඊට අමතරව ඇගේ දුරකතනයට ඇමතුම් ලද සහ ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව විමර්ශනවලට සම්බන්ධ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ප්‍රශ්න කිරීමේදී අදාළ ගුරුවරයා මෙම සිසුවිය තමා හොඳින් දන්නා හඳුනන බව ද පවසා තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව ද එම නිලධාරියා පැවසීය. මෙම සිසුවියගේ ජංගම දුරකතනයට අවසානයට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව ද එම නිලධාරියා කීය.

ඇයගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පාපෝච්ඡාරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ දුරකතන දත්ත ලබාගෙන විමර්ශන අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපෝච්ඡාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවය. ඒ අනුව එම සිසුවියගේ දුරකතන දත්ත ලබාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබාදී ඇත.කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad