රටම භූමිකම්පා සදහා පෙර සූදානම් කෙරේ.. උපදෙස් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

රටම භූමිකම්පා සදහා පෙර සූදානම් කෙරේ.. උපදෙස් මෙන්න

පසුගිය වකවානුව තුළ ලොව සිදු වු භූමිකම්පා හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු වි තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාව ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූ චලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත.

භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බව දැනුම් දී ඇත.

භූමිකම්පාවක දී සිදුවිය හැකි පීඩා අවම කර ගැනීම සදහා කටයුතු කිරීම සදහා සීමිත කාල පරාසයක් පවතින බැවින් භූ කම්පනයක් හෝ භූ කම්පනයක් නිසා ඇතිවිය හැකි සුනාම් ආපදා තත්වයක දී ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ ඔබ තුළ නිසි අවබෝධයක් තිබීමත්, ඒ අනුව කටයුතු කිරීමත් වැදගත් වේ.

එබැවින් භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ තාක්ෂණික සහය ඇතිව භූමිකම්පාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා පොත් පිංචක් සකස් කීරීමට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගන්නා ලදී.

– Janaka Handunpathiraja

No comments:

Post a Comment

Post Bottom Ad