යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබේ.
පසුගිය සිකුරාදා සිට ඛේ(ර්)සන් නගරයට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙයි.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට පල වී ඇති පුවත් අසත්‍යයක් බව යුක්‍රේනය පවසයි.
යුක්‍රේන ජනාධිපතිසෙලෙන්ස්කි පවසන්නේ රුසියානු ජනාධිපති පුටින් ඉලක්ක කරගනිමින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍යතාවක් නොමැති බවය.
තම රටෙහි භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පමණක් සටන් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.
ඊයේ දිනයේ රුසියාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ කටයුතු කළ අතර එය යුක්‍රේනය විසින් ජනාධිපති පුටින් ඉලක්ක කර එල්ල කර තිබූ බවට වාර්තා පල වී තිබුණි.

No comments:
Post a Comment