වයස නොබලා නවාතැන් දෙන හෝටල් වටලන මෙහෙයුමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 13, 2023

වයස නොබලා නවාතැන් දෙන හෝටල් වටලන මෙහෙයුමක්

බාල වයස්කාර දැරියන්ට නවාතැන් පහසුකම් ලබාදෙන හෝටල් සහ අවන්හල් වැටලීමට ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට ද පොලිස් මූලස්ථානය ඉදිරියේදී කටයුතු කරන බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ඕනෑ ම වයස් සීමාවක පසුවන තරුණියන්ට සහ බාලවයස්කාර දැරියන්ට හෝටල් කාමර ලබා දෙන ස්ථාන කොළඹ ඇතුළු ඕනෑ ම පළාතක දැකිය හැකි බව ත්, ඔවුන් එවැනි ක්‍රියාවක යෙදෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් බව ත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේ ය.

මෙලෙස කාමර ලබා දීමේදී අධික මුදලක් ලබා ගැනීමට බොහෝ නවාතැන් සහ අවන්හල් හිමියන් කටයුතු කරන්නේ නවාතැන් පළවල්වලට එන යුවතියන්ගේ වයස් පවා පරීක්ෂා නොකරමින් බව හෙතෙම කියයි.

කළුතර දකුණු ප්‍රදේශයේ හෝටලයකදී මියගිය පාසල් සිසුවියට ද කිසිදු පරික්ෂාවකින් තොරව කාමර ලබා දීමෙන් පසු ඉදිරියේදී බාල වයස්කාර දැරියන්ට කාමර සහ නවාතැන් ලබා දෙන හෝටල් හිමියන් නීතිය හමුවට ගෙන ඒමට පොලිස් මූලස්ථානය මෙම පියවර ගෙන තිබේ.
-mawbima

No comments:

Post a Comment

Post Bottom Ad