ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා! ඉදිරි අවුරුද්දත් භයානකයි! ලෝක බැංකුව ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් එළියට දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 7, 2023

ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා! ඉදිරි අවුරුද්දත් භයානකයි! ලෝක බැංකුව ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් එළියට දමයි!

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් බවට ඇස්තමේන්තු කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.
ඉකුත් සතියේ ශ්‍රී ලංකාව පිළිබඳ වසරක යාවත්කාලීන වාර්තාව එළිදක්වමින් ලෝක බැංකුව මේ බව අනාවරණ කොට ඇත.

කුටුම්භයන්ගේ ජීවනෝපාය සඳහා ඇති බහුවිධ අවදානම් හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ එය සියයට 25 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයිද ලෝක බැංකුව සිය වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.

දරිද්‍රතා රේඛාවට ආසන්නව ජීවත් වන බොහෝ දිළිඳු නොවන පවුල්වල ආදායම් කම්පනවලට ගොදුරු වීමේ අවදානම ද වැඩි වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad