මහජන උපයෝගීතා සභාපති ඉවත් කිරීමට පාර්ලිමේන්තු විවාදයක්! - විගස පුවත් - Vigasapuwath

Thursday, May 11, 2023

මහජන උපයෝගීතා සභාපති ඉවත් කිරීමට පාර්ලිමේන්තු විවාදයක්!

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් වන විවාදය මැයි මස 24 වැනිදා බොහෝ දුරට පැවත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වන සිලෝන් ටුඩේ පුවත් පත සඳහන් කරයි. මේ පිළිබඳව පක්ෂ නායකයින් අතර එකඟතාවක් ඇතිව තිබෙන අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම සලකමින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවෙහි දැක්වේ.
 
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් සකසන ලද සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳව වූ යෝජනාව පසුගියදා ආණඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  ලදී. එම යෝජනාවලියට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභා සභාපතිවරයාට එරෙහිව චෝදනා පහක් යටතේ කරුණු ගොනු කර ඇති අතර එම ධුරය දැරීමට සුදුසු නොවන බවට යෝජනා කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතට අනුව සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව සකසා ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍යයට  ප්‍රකාශ කර සිටියේ තමන් වෙත එල්ල කරනු ලබන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. තමන් මෙතෙක් ක්‍රියා තොට ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂන් සබා පනතටට අනුව නීත්‍යනුකූලව බව සඳහන් කළ ඔහු පාර්ලලිමෙන්තුවේ  113ක  ඉක්මවන බහුතර ඡන්දයකින් තමන් ඉවත් කරන තෙක් ධුරයෙන් ඉල්ලා අස් නොවන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *