හැරිසන්ගේ බිරිඳට කතා කර සජිත් ඉල්ලීමක් කරලා! හඩපට හැරිසන් අතේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

හැරිසන්ගේ බිරිඳට කතා කර සජිත් ඉල්ලීමක් කරලා! හඩපට හැරිසන් අතේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

“මම රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කැමති නැහැ. මාව යවන්න එපා කියලා එතුමා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් ඒ ටික මම මාධ්‍යට දෙන්නම්. මාව අයින් කළාට පස්සේ මම ආවේ නැහැ. මමයි අයින්වෙලා ආවේ. නම් කියන්න බැහැ. දැනටමත් 25ක් විතර එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ.”


No comments:

Post a Comment

Post Bottom Ad