පොහොට්ටු සභාපතිකම භික්ෂුවකට දුන්නේ පවුල් පාලනය රැක ගන්නයි – අනුර ප්‍රියදර්ශන යාපා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 5, 2023

පොහොට්ටු සභාපතිකම භික්ෂුවකට දුන්නේ පවුල් පාලනය රැක ගන්නයි – අනුර ප්‍රියදර්ශන යාපා (VIDEO)

පොදුජන පෙරමුණේ පාලනය රාජපක්ෂ පවුල සතු කර ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස එහි සභාපති ධුරය උතුරාවල ධම්මරතන හිමියන්ට ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති බව එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ද හුදෙක් පණිවිඩ කරුවෙක් පමණක් බවයි.

මේ අතර මේ වන විට පොදුජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම් අතර ද ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මත ගැටුම් පවතින බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad