අවුරුදු 19ක කෙල්ලට තිරිසනකුට වගේ පහර දුන් ෂොප් එකේ අයිතිකාර ජෝඩුව ‌පොලිසියෙන් අල්ලයි! අධිකරණයෙන් ඇප දෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 15, 2023

අවුරුදු 19ක කෙල්ලට තිරිසනකුට වගේ පහර දුන් ෂොප් එකේ අයිතිකාර ජෝඩුව ‌පොලිසියෙන් අල්ලයි! අධිකරණයෙන් ඇප දෙයි! (VIDEO)

සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් ඊයේ (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.

සැකකාර යුවළ තරුණියට පහර දෙන අන්දම සාමාජ මාධ්‍යවල හා විද්‍යුත් නාලිකාවල පසුගිය (13) පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවද පොලිසිය පවසයි.

කිසියම් රාජකාරි අතපසුවක් හේතුවෙන් සැකකරු හා සැකකාරිය එම ආයතනය තුළ ඉහත තරුණියට අතින් පයින් හා ප්ලාස්ටික් පුටුවලින් පහර දී ඇති අතර, එම සිදුවීමේ වීඩියෝ පට සාමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.
 
සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දීමට පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad