චමුදිත නැවතත් සී.අයි.ඩීයට! පැය තුනක ප්‍රශ්න කිරීමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 13, 2023

චමුදිත නැවතත් සී.අයි.ඩීයට! පැය තුනක ප්‍රශ්න කිරීමක්!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ සිය පුද්ගලික යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශන කටයුතු සඳහායි.

අදාළ යූටියුබ් නාලිකාව මගින් අගමැතිවරයාට සම්බන්ධ ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් මුල් කරගෙන සිදුකරන විමර්ශනයකට අදාළ ව මාධ්‍යවේදී චමුදිතව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

මීට පෙර මාධ්‍යවේදී චමුදිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබුවේ, ඉකුත් වකවානුවේ කතා බහට ලක් වූ රේගුව විසින් අත්අඩංගුවට ගැනුණු කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමේ සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඔහුගේ යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.


No comments:

Post a Comment

Post Bottom Ad