ඔන්ලයින් ණය උගුලේ හිරවුණු කේරළයේ පවුලක්ම දිවිනසා ගනියි – ණය දුන් දුරකථන අංකය ලංකාවේ සිට ක්‍රියාත්මක වෙලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 23, 2023

ඔන්ලයින් ණය උගුලේ හිරවුණු කේරළයේ පවුලක්ම දිවිනසා ගනියි – ණය දුන් දුරකථන අංකය ලංකාවේ සිට ක්‍රියාත්මක වෙලා!

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිව් දෙනකුගෙන් යුත් පවුලක් දිවි නසාගැනීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන එරට පොලිසියේ අවධානය අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදෙන ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක කණ්ඩායමක් වෙත යොමුවී තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 12 දා 39 හැවිරිදි නිජෝ, ඔහුගේ බිරිඳ ශිල්පා (32) සහ ඔවුන්ගේ දරුවන් වන එබල් (7) සහ ආරොන් (5) සියදිවි නසාගෙන තිබූ අතර ඔවුන්ගේ සිරුරු නිවසේ තිබියදී සොයාගෙන ඇත. මියගිය එක් අයකුගේ අසභ්‍ය පින්තූර ඥාතීන්ට යැවීමට භාවිත කළ අංකය පොලිසිය විසින් සොයා ගැනීමත් සමඟ විමර්ශනය වෙනත් අතකට යොමුවිය.

“පරීක්ෂණයේදී අපට වැටහුණා ශිල්පා අන්තර්ජාල ණය දෙන ආයතනවලින් ණය ලබාගෙන තිබෙන බව. ඇයට ඒවා ආපසු ගෙවීමට අපහසු වෙලා. පසුව ශිල්පාට හා සහ ඔවුන්ගේ ඥාතීන්ට අසභ්‍ය පණිවිඩ යැවීමට මේ සමාගම් යොමු වෙලා තියනවා. ඒ ජංගම දුරකථන අංකය සොයා බලන විට එය ශ්‍රී ලංකාවේ එකක් බව අපට වැටහුණා. ඇත්තෙන්ම එම කණ්ඩායම් ලංකාවේ සිට ක්‍රියාත්මක වෙලා තියෙනවා” යැයි ඉන්දීය පොලිස් ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad