ගැහුවා කියලා රෝද පුටුවෙන් හොස්පිට්ල් ඇඩ්මිට් වුණු ඩයනා පැය තුනෙන් ගෙදරත් ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 21, 2023

ගැහුවා කියලා රෝද පුටුවෙන් හොස්පිට්ල් ඇඩ්මිට් වුණු ඩයනා පැය තුනෙන් ගෙදරත් ගිහින්!

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සජබ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාගේ  පහරදීමකට ලක් වූ බව කියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ රෝහල්ගත වී පැය 03කින් පමණ පිටවී ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කිරීම සඳහා නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (20) පියවර ගෙන තිබිණි.
 
තමා වෙත  දෙපාර්ශවයෙන්ම ලැබුණු පැමිණිලි විමර්ශනය කර  කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුක්තව චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බකීර් මාකර්  මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව කතානායකවරයා ඊයේ දැනුම් දුන්නේය.

lankasara


No comments:

Post a Comment

Post Bottom Ad