හරක් කටාට, කුඩු සලිදුට සුපිරි අවන්හලකින් ආහාර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 19, 2023

හරක් කටාට, කුඩු සලිදුට සුපිරි අවන්හලකින් ආහාර!

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂක හෙවත් කුඩු සලිදු යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාරපාන ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ අනුව ඔවුන් රඳවා සිටින ස්ථානාධිපතිවරුන් හරහා ආහාර පාන ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.

සැකකරුවන් දෙදෙනා මෝසමක් මගින් අධිකරණයට කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ලබාදෙන ආහාර ප්‍රමාණවත් නොවන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පවසමින් කියා සිටියේ ඔවුනට පිටතින් ආහාර පාන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad