නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් දොට්ට! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට ලියුම යවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 10, 2023

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් දොට්ට! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට ලියුම යවයි!

හිටපු පරිසර අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි  පාර්ලිමේන්තු  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දුන්නාය.

මේ අනුව  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මඩකළපුව  දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා මැතිවරණ කොමිෂන්  සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.
 
නසීර් අහමඩ්ගෙන් පසු එම ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන  අලි සහීර් මවුලානාය.

නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.
 
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා  තීන්දු කළේය.ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේඅනුවය.


No comments:

Post a Comment

Post Bottom Ad